ක්වීන්ස්ලන්ත වෙළඳ හා ආයෝජන ආයතනය  (Trade and Investment Queensland) ගැන

ක්වීන්ස්ලන්ත ව්‍යාපාරයන් ලෝකය සමඟ සහ ලෝකය ක්වීන්ස්ලන්තය සමඟ සම්බන්ධ කිරීම

ක්වීන්ස්ලන්ත වෙළඳ හා ආයෝජන ආයතනය (Trade and Investment Queensland) යනු ක්වීන්ස්ලන්ත රජයේ ඇප කැපවූ ගෝලීය ව්‍යාපාර ආයතනය වේ.

ක්වීන්ස්ලන්තයේ ගෝලීය සාර්ථකත්වය සහ සමෘද්ධිය වෙත මඟ පෙන්වමින් - අපි දේශීය අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපොළවල ව්‍යාපාර කිරීම සඳහා උපකාර කිරීම මෙන් ම ආයෝජකයන්, ගැනුම්කරුවන් සහ කුසලතා ඇති අය හට අවස්ථා ලබා ගැනීම සඳහා පහසුකම් සලසා දීම සිදු කරන්නෙමු.

අපගේ මූලස්ථානය බ්‍රිස්බේන්හි පිහිටා ඇති අතර, අපගේ නියෝජිතයෝ විදේශ කාර්යාල 16ක ඇති වෙළඳපල 13ක සහ ප්‍රාදේශීය ක්වීන්ස්ලන්තය පුරා වන කාර්යාල 8ක කටයුතු කරති.

ඔබගේ ක්වීන්ස්ලන්ත සාර්ථකත්වයේ කතාව නිර්මාණය කර ගැනීමට උපකාර කිරීම සඳහා අවශ්‍ය දැනුම, අවබෝධය සහ සම්බන්ධතා අපගේ ගෝලීය උපදේශක කණ්ඩායම සහ ක්ෂේත්‍රයේ විශේෂඥයන් සතු වේ.

අපගේ ගෝලීය කොමසාරිස්වරුන් සහ ප්‍රාදේශීය උපදේශකයන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න.

බ්‍රිස්බේන්, 2032 ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලවල නිල සත්කාරකයා

ක්වීන්ස්ලන්තයේ අග නගරය වන බ්‍රිස්බේන් 2032 ඔලිම්පික් සහ පැරාලිම්පික් උළෙලවල සත්කාරකත්වය දරනු ඇත.

ක්වීන්ස්ලන්තයේ මෙතෙක් පවත්වා ඇති ලබන විශාලතම ඉසව්ව වන මෙහිදී ග්‍රේටර් බ්‍රිස්බේන්, ගෝල්ඩ් කෝස්ට්, ටුවුම්බා, ටවුන්ස්විල් සහ කේන්ස් යන නගර පුරා තරග ඉසව් පැවැත්වීම සිදුවේ.

ක්වීන්ස්ලන්ත වෙළඳ හා අයෝජන ආයතනය මගින් 2032 ව්‍යාපාර වැඩසටහනට නායකත්වය ලබා දෙන අතර, එමගින් ක්වීන්ස්ලන්තයේ ඇති ආයෝජන සහ අපනයන අවස්ථාවන් ප්‍රදර්ශනය කරනු ඇත.

2032 බ්‍රිස්බේන් ඔලිම්පික් සහ පැරාලම්පික් ක්‍රීඩා උළෙලවල ඇති වෙළඳ සහ ආයෝජන අවස්ථාවන් සම්බන්ධ නවතම තොරතුරු ලබා ගැනීම සඳහා ලියාපදිංචි වන්න.

ක්වීන්ස්ලන්තයට ආයෝජන ආකර්ෂණය කර ගැනීම

ආසියා පැසිෆික් කලාපයේ තීරණාත්මක වෙළඳපොළට යාබදව ඇති ක්වීන්ස්ලන්තය ලොව අන් කිසි ස්ථානයක නොමැති ආයෝජන අවස්ථා සපයයි.

වර්ධනය වෙමින් පවතින සහ සුමට ආර්ථිකය, සුලබ ස්වාභාවික සම්පත්, නවීනතම යටිතල පහසුකම්, කුසලතා සහිත ශ්‍රම බලකාය සහ ව්‍යාපාර හිතකාමී පරිසරය මගින් සාර්ථකත්වය සඳහා ශක්තිමත් පදනමක් ලබා දෙයි.

තිරසාර විදේශ ආයෝජනවලට සහයෝගය දැක්වීමට හා සුවිසල් ආයෝජන යෝජනාවලට ජීවය ලබා දීම සඳහා උපකාර කිරීමට අපි ඇපකැප වී සිටින්නෙමු.

ආයෝජන ක්‍රියාවලියේ සෑම අදියරකදී ම ඔබට සහයෝගය ලබා දීම සඳහා අපි ව්‍යාපාර සේවා  නොමිලේ ලබා දෙන්නෙමු. 

ක්වීන්ස්ලන්තයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න.

ක්වීන්ස්ලන්ත අපනයනකරුවන්ට සහයෝගය ලබා දීම

ක්වීන්ස්ලන්ත අපනයනකරුවන්ගේ නිෂ්පාදන සහ සේවා ලොව පුරා ඇති ප්‍රධාන වෙළඳපොළවල දියත් කිරීමට අපි උදව් සපයන්නෙමු. 

වෙළඳ දූත මෙහෙවර, කර්මාන්ත සහකරුවන්, සහ අපගේ ගෝලීය ජාලාව ඔස්සේ සම්බන්ධතා ඇති කර ගැනීමට මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළවල ඇති අවශ්‍යතා හඳුනාගැනීමට ද ඔබට උපකාර කිරීමට අපට හැකිය.

ඔබට ඉගෙනීමට සහ හැකියාවන් වර්ධනය කර ගැනීමට අප විසින් අවස්ථා ලබා දෙන අතර, තොරතුරු සහ උපායමාර්ග සඳහා ප්‍රවේශය ලබා දෙමින් ඔබගේ ජාත්‍යන්තර ව්‍යාප්ති සැලසුම් කඩිනම් කර ගැනීම සඳහා ලබා ගත හැකි ප්‍රදානයන් සහ දිරි දීමනා සම්බන්ධයෙන් ඔබට උපදෙස් ලබා දීමට ද අපට හැකිය.

ක්වීන්ස්ලන්ත අපනයනකරුවන්ට අප උපකාර කරන ආකාරය ගැන වැඩිදුර දැනගන්න.

ක්වීන්ස්ලන්තය තෝරා ගැනීම සඳහා ගැනුම්කරුවන්ට උපකාර කිරීම

ජාත්‍යන්තර ගැනුම්කරුවන්ට ක්වීන්ස්ලන්තයේ ඇති ගෝලීය මට්ටමේ නිෂ්පාදන, සේවා සහ නිපුණතාව වෙත ප්‍රවේශ වීමට අපි උදව් ලබා දෙන්නෙමු. 

ක්වීන්ස්ලන්තයේ පවතින හැකියාවන් සම්බන්ධව හසල දැනුමක් අපගේ කණ්ඩායම සතුව ඇති අතර ඔබට නිවැරදි සැපයුම්කරුවන් හඳුනා ගැනීමට සහ ඔවුන් සමඟ සම්බන්ධ වීමට උපකාර කිරීම මගින් ඔබගේ කාලය, වියදම සහ අවදානම අඩු කර ගැනීමට අපට උදව් කළ හැකිය.

ක්වීන්ස්ලන්තයෙන් මිලදී ගැනීම ගැන වැඩිදුර තොරතුරු දැනගන්න.

ක්වීන්ස්ලන්තය වෙත නිපුණතා ආකර්ෂණය කර ගැනීම

ලොව විශිෂ්ඨතමයන් හා දක්ෂතමයන් ක්වීන්ස්ලන්තයේ දී අප සමග එක්වන තෙක් අපි බලාසිටින්නෙමු.  

ලොව පුරා සිටින ව්‍යාපාර හා නිපුණතා සංක්‍රමණිකයන්ට, නැගී එන වෙළඳපොළට ක්වීන්ස්ලන්තයේ ඇති සමීප බව සහ එහි ප්‍රාර්ථනීය ජීවන රටාවේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව වේ.

වීසා බලපත්‍ර සම්බන්ධ තොරතුරු, අයදුම් පත්‍ර ක්‍රියාවලිය, සහ ක්වීන්ස්ලන්තයට සංක්‍රමණය කරන අය සඳහා ලබා දෙන උපකාර ගැන තොරතුරු ලබා දීමට ද අපට උදව් කළ හැකිය.

ඔබට ක්වීන්ස්ලන්තය වෙත සංක්‍රමණය වීම සඳහා අපට උපකාර කළ හැකි ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න.

ක්වීන්ස්ලන්තයේ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම

ක්වීන්ස්ලන්තය විසින් ලොව ප්‍රමුඛ අධ්‍යාපනය සපයන්නන් මගින් අද්වීතීය සහ පුළුල් පරාසයක විසිරී ඇති ස්ථානවලදී ජාත්‍යන්තර සිසු සිසුවියන් හට සුවිශේෂ අධ්‍යාපන අවස්ථා සහ අත්දැකීම් ලබා දීම සිදු කරයි.

කර්මාන්තය වර්ධනය කිරීමට සහ ජාත්‍යන්තර අධ්‍යාපන සහ පුහුණු සේවාවල ලොව ප්‍රමුඛ සැපයුම් කරුවා ලෙස ක්වීන්ස්ලන්තයේ කීර්තිය ප්‍රවර්ධනය කිරීමට අපි ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රය සමඟ එක්ව කටයුතු කරන්නෙමු.

ක්වීන්ස්ලන්තයේ ජාත්‍යන්තර අධ්‍යාපනය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න.